ජංගම දුරකථනය ඔස්සේ පරිවර්තන

ලන්ඩනයේ ඔලිම්පික් උළෙල සඳහා පැමිණෙන පිරිස් වලට විවිධ භාෂා වලින් කටයුතු කළ හැකි ආකාරයේ පරිගණක මෘදුකාංග නිපදවා ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයන අංශයේ ආචාර්ය රුවන් වීරසිංහ කියා සිටියේය.
මේ භාෂා අතරේ සිංහල භාෂාවත් තිබෙන බව,පරිවර්තන කටයුතු සඳහා පරිගණක යොදා ගැනීම පිළිබඳව ලන්ඩනයේ සමුළුවකට සහභාගී වූ ආචාර්ය රුවන් වීරසිංහ ප්‍රකාශ කළේය.
මෙම සේවාව ජංගම දුරකථනය ඔස්සේ ලබාගත හැකි වන පරිදි සකස් කොට තිබේ.
පරිගණකය මගින් භාෂා විසිහතරක් හඳුනාගෙන ඒවා ඉංග්‍රීසියට පරිවර්තනය කළ හැකි ක්‍රමයක් දැනට සකස් කොට ඇත.
ඉංග්‍රීසියෙන් පිළිතුරු ලබා ගතහොත් ඒ පිළිතුර යලි මුල් බසට පරිවර්තනය කළ හැකිය .
මෙම සේවාව ජංගම දුරකථනය ඔස්සේ ලබාගත හැකි වන පරිදි සකස් කොට ඇත.
"දැනට සංචාරකින් වෙනත් රටකට ගිය විට සාමාන්‍යයයෙන් අසන,ළඟම දුම්රිය ස්ථානය තිබෙනේ කොහෙද ? වැනි කෙටි යෙදුම් පරිවර්තනය කීරීමට හැකි ලෙසින් මේ ක්‍රමය සකස් කර ඇති අතර ඉදිරියේදී වඩාත් සංකීර්ණ ලෙසින් පරිවර්තන කටයුතු සිදු කරන්න පුළුවන් වේවි " යැයි ආචාර්ය රුවන් වීරසිංහ පැවසීය.























