BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
එක් නඩුවකින් නාමල් ඇප මත මුදා හැරේ
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඞ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය. නාමල් රාජපක්ෂගේ මව සහ පියා දැඩි අසනීප තත්ත්වයකින් පසුවන බැවින් එය සුවිශේෂී කරුණක් සේ සලකා ඔහු ඇප මත මුදා හරින ලෙස ඔහුගේ නීතිඥවරුන් ඉකුත් දා අධිකරණය හමුවේ ඇප ඉල්ලීමක් ඉදිරිපත් කරමින් සඳහන් කර තිබිණි.
ඩේසි ෆොරස්ට් තවත් නඩුවකින් නිදහස් කෙරේ; නිදහස් කිරීමට බලපෑ හේතු මොනවා ද?
අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම්වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යයි චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
'හොල්මන් දැකීම හෝ යම් කෙනෙකු අප ළඟ සිටින' බව වැනි අද්භූත අත්දැකීම් අපට ඇතිවන්නේ ඇයි?
ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙස්ට් ජෝර්ජියා විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාඥ මහාචාර්ය ක්‍රිස්ටීන් සිමන්ඩ්ස්-මූර් පවසන්නේ මිනිසුන් අද්භූත යැයි විශ්වාස කරන අත්දැකීම් සැබවින් ම අත්විඳින බවයි. "අද්භූත" යනුවෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ දැනට විද්‍යාව මගින් පැහැදිලි කළ නොහැකි සංසිද්ධිවලට ය."ඒවා ආත්මීය වශයෙන් මිනිසුන්ට ඇත්ත කියලා දැනෙනවා... ඒ වගේම මිනිසුන්ගේ ජීවිතවලට විශාල බලපෑමක් කරන්න පුළුවන්," ඇය පවසන්නීය.
ලොව පුරා රටවල් රැසක් හදිසි අවස්ථාවකට මුහුණ දීමට සූදානම් වන්නේ ඇයි?
රටපුරා හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ප්‍රයෝජනයට ගැනීම සඳහා නිවෙස්වල රැස්කර තබාගත යුතු දෑ පිළිබඳව බ්‍රිතාන්‍ය රජය ජනතාවට උපදෙස් ලබාදීමෙන් පසු, ඇතැම් වෙළෙඳසල්වල ටින් කළ ආහාර, රේඩියෝ සහ විදුලි පන්දම් අලෙවිය ඉහළ ගොස් තිබේ. මෙවැනි හදිසි අවස්ථා සඳහා රැස්කර තබාගන්නා ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් හෙවත් පෞද්ගලික හදිසි අවස්ථා කට්ටලයක් සූදානම් කර තබාගැනීම බ්‍රිතාන්‍යයට අලුත් දෙයක් වුවද, ලෝකයේ බොහෝ රටවල එය සාමාන්‍ය දෙයකි.
'Transit visa' ප්‍රතික්ෂේප වීමෙන් කුක් දූපතේ සිරවී සිටින ශ්‍රී ලාංකික කත: 'මට පණපිටින් එන්නේ දෙන්නේ නැත්නම් බොඩි එක හරි ලංකාවට එවයි කියලා අක්කා කියනවා'
මීට වසර නවයකට පෙර විදේශගත වූ 50 හැවිරිදි රුචිරා රණසිංහ මේ වන විට වසර තුනකට ආසන්න කාලයක් දකුණු පැසිෆික් සාගර කලාපයේ පිහිටි කුක් දූපතේ රැඳී සිටින්නේ ඇය මුහුණ දී ඇති වීසා ගැටලුවක් හේතුවෙන් බව ඇයගේ සහෝදරයා වන සමීර රණසිංහ පැවසීය. දැඩි මානසික පීඩනයකින් කුක් දූපතේ රැඳී සිටින රුචිරා බීබීසීය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, කුමන කොන්දේසියක් යටතේ හෝ තමන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගෙන තමන්ට සහය වන ලෙස වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවය.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම: සංඛ්‍යා දත්ත ඇසුරෙන්
කාලයත් සමග වන වැස්ම අඩු වීම, කැලෑ එළි කිරීම් නිසා සතුන්ගේ නිජ භූමි අහිමි වීම සහ ඒවායේ වගා කටයුතු සිදු කිරීම, අවිධිමත් සංවර්ධන කටයුතු, මෙම සතුන් ජීවත් වන ප්‍රදේශ ආශ්‍රිතව මහා මාර්ග සහ දුම්රිය මාර්ග ඉදි කිරීම වැනි විවිධ හේතු මෙම අලි මිනිස් ගැටුම ඉහළ යාමට බලපා තිබේ.
Elephant X: සිය අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයට ගිය ශ්‍රී ලංකාවේ අලියා
2025 පෙබරවාරි 19 වන දා රාත්‍රියේ කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ 'මීනගයා' දුම්රියේ අලි රංචුවක් ගැටීමෙන් සිදුවූ එම අනතුරෙන් අලින් සහ කෙනෙරුන් 6 දෙනෙක් මිය ගියහ. නැවත මෙවැනි සිදුවීම් සිදුවීම් ඇති නොවීමට අදාළව ගත යුතු පියවර ගැනීම සම්බන්ධයෙන් නියෝගයක් ලබා ගැනීමේ අරමුණින් 'X' නැමති අලියෙකු අදාළ පෙත්සමේ දෙවන පෙත්සම්කරු බවට පත්කර තිබේ.
ශ්‍රී ලංකා ආර්ථිකය වැදගත් කඩඉමක් පසුකරයි: මීළඟ පිබිදීමට ලෝක බැංකුව කර ඇති යෝජනා මොනවා ද?
ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ළඟා වෙමින්, සුවිශේෂී කඩඉමකට පැමිණ ඇතැයි, ලෝක බැංකුව පවසයි. ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීන වාර්තාවට අනුව, මෙරට දළ දේශීය නිෂ්පාදිතය (GDP) මෙම වසරේදී 4.4% කින් වර්ධනය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. මෙය මීට පෙර අපේක්ෂා කළ මට්ටමට වඩා ඉහළ යාමකි.
සිර දඬුවම් ලැබූ ඥානසාර හිමිගේ සිවුර ඉවත් කළේ ඇයි? විවිධ රැඳවියන්ට හිමි ඇඳුම් මොනවා ද?
අභියාචනාධිකරණය විසින් දෙන ලද තීන්දුවක් අනුව ඔක්තෝබර් 05 වන දා සිරගත කළ එහිමියන් ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් කළ බවට චෝදනා කරමින් ගොනු කර ඇති නඩුවක් සඳහා අද (ඔක්: 06) යළිත් අධිකරණය වෙත රැගෙන එන ලදී. සිර දඬුවම් ලබන ඥානසාර හිමි සුදු පැහැති අත් දිග කමිසයකින් සහ සුදු සරමකින් සැරසී අධිකරණය වෙත රැගෙන එනු දක්නට ලැබිණි.
ශ්‍රී ලංකාවේ ආයෝජනයට විදෙස් ආයෝජකයන් 'තවමත් බය' ඇයි? ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හෙළි කරන හේතු
2025 වසරේදී ශ්‍රී ලංකාවට ලැබුණු ඍජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.06ක් වූ අතර, එය දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 1කට ආසන්න ප්‍රමාණයක් වන අතර මෙය නැගී එන ආර්ථික තුළ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන සියයට 3 සිට 4 දක්වා මට්ටමට වඩා සැලකිය යුතු ලෙස අවම අගයක් ගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති ශ්‍රී ලංකාව සඳහා ආයෝජන වාතාවරණය පිළිබඳ වාර්තාවේ සඳහන් කර ඇත.



















































