සිම්බාබ්වේ සංචාරය: එක්දින තරග නායකත්වය උපුල් තරංගට

ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අක්‍රමිකතා ගැන FCID පරීක්ෂණ
Published

සිම්බාබ්වේ එක් දින තරඟ සංචාරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස උපුල් තරංග පත් කොට ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් පාලක කමිටුව පවසයි.

ආබාධිත තත්වයක් මත සිම්බාබ්වේ සංචාරය සඳහා කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් සහ උප නායක දිනේෂ් චන්දිමාල් සහභාගී නොවන හෙයින් එම තීන්දුව ගත් බව ක්‍රිකට් තේරීම් පාලක කමිටුව නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වේ.

එක් දින තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකයා ලෙස කුසල් ජනිත් පෙරේරා නම් කරනු ලැබ ඇත.

සිම්බාබ්වේ පැවැත්වෙන ටෙස්ට් තරග සඳහා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක රංගන හේරත් නායකත්වය ලබා දෙන නමුත් මේ වනවිට ඔහු එක් දින තරගවලින් විශ්‍රාම ගෙන සිටියි.

තුන් කොන් එක් දින තරගාවලිය සඳහා සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව යන කණ්ඩායම් සහභාගී වෙති.

තරගාවලිය සඳහා නම් කොට ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය

  • ධනංජය ද සිල්වා
  • කුසල් ජනිත් පෙරේරා
  • නිරෝෂන් දික්වැල්ල
  • උපුල් තරංග - නායක
  • කුසල් මෙන්ඩිස්
  • ෂෙහාන් ජයසූරිය
  • අසේල ගුණරත්න
  • සචිත් පතිරණ
  • නුවන් කුලසේකර
  • දසුන් ශානක
  • නුවන් ප්‍රදීප්
  • ලහිරු කුමාර
  • සුරංග ලක්මාල්
  • නුවන් ප්‍රදීප්
  • ලහිරු කුමාර
  • සුරංග ලක්මාල්
  • ලක්ෂාන් සඳකැන්
  • ජෙෆ්රි වැන්ඩර්සේ