භාරතයේ මහා ප්‍රේම සංකේතය 'ටජ් මහල්' මන්දිරය ගිලා බසින්නේද?

Published

භාරතයේ මහා ප්‍රේම සංකේතය 'ටජ් මහල්' මන්දිරය කෙමෙන් ගිලා බසිමින් තිබෙන බවට ඉන්දීය ඉතිහාසඥයන් කිහිප දෙනකු දැක්වූ අදහස් බෙහෙවින් මත භේදයට ලක්වෙමින් තිබෙනවා. යමුනා නදියේ ඉවුරේ ඉදිකොට ඇති ටජ් මහල් මන්දිරයේ ලීයෙන් තැනූ පදනමට අවශ්‍ය තෙතමනය නොලැබීයාමෙන් එහි රඳා පැවැත්මට තර්ජනයක් එල්ලවී ඇති බවයි එම ඉතිහාසඥයන්ගේ මතය. එහෙත් ඉන්දීය පුරා විද්‍යාඥයන් පවසන්නේ තමන් මෙතෙක් කළ පරීක්ෂණවලින් ටජ් මහල් මන්දිරයට කිසිදු හානියක් සිදුවී ඇති බවට සාක්ෂි නැති බවයි.