ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඇල්ජීරියාවේ විභාග වංචා නතර කිරීමට අන්තර්ජාලය අවහිර කෙරේ
ඇල්ජීරියාවේ උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ රට පුරා අන්තර්ජාල පහසුකම් සම්පූර්ණයෙන්ම අවහිර කිරීමට කටයුතු කර තිබේ.
විභාග වංචා නතර කිරීමේ අරමුණින් අන්තර්ජාල පහසුකම්, ජංගම දුරකථන සහ ස්ථාවර දුරකථන සේවාවන් විභාගය ආරම්භ වී පැයකට පසු අවහිර කරනු ඇත.
විභාගය පැවැත්වෙන සතිය තුළ වරින් වර මෙසේ අන්තර්ජාල පහසුකම් නතර කිරීමට නියමිතය.
2016 දී සිදුවූ බරපතළ විභාග වංචා හේතුවෙන් මෙම පියවර ගැනීමට එරට රජය තීරණය කර තිබේ. එම වසරේදී විභාගයට පෙර සහ එය පැවැත්වෙන අතරතුර විභාග ප්‍රශ්න අන්තර්ජාලයට මුදා හැර තිබුණි.
පසුගිය වසරේදී විභාගය පැවැත්වෙන කාලය තුළ, සමාජ මාධ්‍ය ජාල තහනම් කිරීමට කටයුතු කර තිබුණත් එය විභාග වංචා සම්පූර්ණයෙන් නතර කිරීමට ප්‍රමාණවත් වූයේ නැත.
මේ තොරතුරුද කියවන්න:
කෙසේවෙතත්, මෙම කාලය මුළුල්ලේම ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය රට පුරා අවහිර කරනු ඇති බව ඇල්ජීරියානු අධ්‍යාපන අමාත්‍යවරිය වන Nouria Benghabrit ඇනාහාර් (Annahar) පුවත්පතට පැවසීය.
මීට අමතරව, සිසුන්ට සහ පාසල් කාර්ය මණ්ඩලයට අන්තර්ජාලයට ප්‍රවේශ විය හැකි තාක්ෂණික උපකරණ විභාග ශාලාව තුලට රැගෙන යෑම තහනම් කර තිබේ. මෙම නීතිය රටපුරා පිහිටුවා තිබෙන විභාග මධ්‍යස්ථාන 2000 බලපැවැත්වෙන අතර, ඉලෙක්ට්‍රොනික උපකරණ හඳුනාගැනීමේ යන්ත්‍ර විභාග ශාලාවට පිටතින් සවි කිරීමට කටයුතු කර ඇත.
විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණාල නිරීක්ෂණ කැමරා සවි කර, ජංගම දුරකථන සංඥා අවහිර කර ඇති බව අධ්‍යාපන අමාත්‍යවරිය තවදුරටත් පැවසුවාය.
ලබන සතියේ දී පැවැත්වීමට නියමිත විභාගයට සිසුන් 700,000 කට අධික සංඛ්‍යාවක් පෙනී සිටීමට නියමිතය.
තවත් තොරතුරු: