ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පැරිසියේ තවත් ප්‍රහාරයකට තැතක් ?
ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ලූවර් (Louvre) කෞතුකාගාරය අසලට 'අල්ලාහු අක්බර්' කියා කෑගසමින් පිහියක් රැගෙන දිව ආ පුද්ගලයකුට එහි ආරක්ෂාවට රඳවා සිටි සොල්දාදුවකු වෙඩි තබා ඇති බව පොලිසිය පවසයි.
ලූවර්, ලොව විශාලතම කෞතුකාගාරයවන අතර, එය පැරිස් නුවර පිහිටි ඓතිහාසික මධ්‍යස්ථානවලින් එකකි.
කෞතුකාගාරය අසල පිහිටි භූගත සාප්පු සංකීර්ණයකට ඇතුළුවීමට ප්‍රහාරකයා උත්සාහ කළ බව විශ්වාස කෙරේ. වෙඩිවැදීමෙන් ඔහුට බරපතල තුවාල සිදුවිය.
සූට්කේසයක් හෝ බෑගයක් ඔහු සතුව තිබුණු නමුත්, පුපුරන ද්‍රව්‍ය කිසිවක් හමු වී නැති බව වාර්තාවල දැක්වේ.
ඉන් අනතුරුව පැරිස් නුවර දැවැන්ත ආරක්ෂක මෙහෙයුමක් දියත්කර තිබෙන අතර, තත්වය 'බරපතල' බව ප්‍රංශයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පවසයි.
ප්‍රහාරකයා පිහියක් වනමින් දිව ආ අවස්ථාවේ සොල්දාදුවා ඔහුට වෙඩි ප්‍රහාර පහක් එල්ල කළ බව පොලිසිය පවසයි. ඉන් අනතුරුව ලූවර් කෞතුකාගාරයේ සිටි සියලුදෙනා එයින් ඉවත්කර තිබේ.